(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අට දෙනකු  අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි.

එම තරුණයන්   කුබුක සිට ගෝනපල දක්වා අපරික්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරන බවට  මොරගහහේන     පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම යතුරු පැදි විවිධ අංගෝපාංග එකතු කර ඉදිරිපස රෝදය ඉස්සිය හැකි ආකාරයෙන්  සකස් කර තිබූ බවත් පැති කණ්නාඩි ද එහා මෙහා කැරකිය හැකි ආකාරයෙන් සකස් කර තිබූ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මොරන්තුඩුව හොරණ ආදී ප්‍රදේශ වල ප්‍රදේශවල පදිංචිකරුවන්ය