(සුජිත් හේවාජුලිගේ )
රූමත් තරුණ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය මුල්කරගෙන පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය ආපනශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයකට සම්බන්ධ කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.
මෙම අංශ දෙක එකට පැවතීමෙන් මෙවැනි හිංසන ක්‍රියා උත්සන්නවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ සතියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෘහ පාලන අංශය වෙනත් අංශයකට සම්බන්ධ කිරීමට අදාලව විශේෂ වැඩපිළිවෙළක් සකස් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ.
මේ අතර මෙම හිංසන සිද්ධි වැළැක්වීමට පියවර නොගැනීම සහ ඒවාට යම් යම් ආකාරයට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ ප්‍රධානීන් තවත් කිහිප දෙනකුට දැඩි විනය පියවර ගැනීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් පසුගිය 10 වැනිදා සිකුරාදා තහනම් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ ගොන් වැඩ තමයි, ලංකාවේ හැමතැනම වෙන්නේ... මේකට අංශ මාරුකරලා හරියනවාද? මොකද ඒ අංශයේ ඉන්න ඔක්කොම ශාන්තුවරුද? හරියට නීතියක් ක්රියාත්මක කරන්නේ නැතිව පිස්සු නටනවා. පාර්ලිමේන්තුවේ තරම් මෝඩයින් රැළක් රටේම නෑ.
මෙම අංශ මාරු නොකොට දඬුවම් ලබාදීම විය යුතුයි...