(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නකල්ස් රක්ෂිතයේගැවසුණු ගෝනකු දඩයම් කරමස් කිලෝ ග්‍රෑම් 110 ක තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයින් පස්දෙනෙකු පස් දෙනෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත් බව පන්විල පොලීසිය පවසයි.
දඩයමේ යාමට යොදාගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක්ද වෑන් රථයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
බඹරැල්ල සාරි ඇල්ල මාර්ගයේ වෑන් රථය ධාවනය වෙමින් මේ අතරවාරයේ පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරිස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සැකකරුවන් පස්දෙනා ගෝන මස් සහ ගිනි අවි සමඟ ද අත්අඩංගුවට ගනු ලැබූහ.
නකල්ස් රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී ගෝනකු දඩයම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කියති.
අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අය වෙති.පන්විල පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd