IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොත්තු බාස්ට පාට් දැමූ පොලීසියේ තුනක් ගෙදර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මඩකලපුව නගරයේ පිහිටි හෝටලයක කොත්තු සෑදීමේනිරතව සිටින 23 හැවිරිදි  තරුණයකුගෙන් රුපියල් 6,500 මුදලක් කොල්ල කෑවේ යැයි කියන එරාවුර් පොලීසියේ රාජකාරි කරන නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ  තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා මෙසේ වැඩ තහනම් කර ඇත්තේ එරාවූර් පොලීසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු, ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ගේ සහ පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ ය.

එරාවුර් ප්‍රදේශයේ මාර්ගයක  රාත්‍රී කාලයේ ගමන් ගත් මෙම තරුණයා අල්ලා ගත් පොලිස් නිලධාරීන්  ඔහු ළඟ හැඳුනුම්පතක් නොමැති බවට චෝදනා කරඅල්ලාගෙන අත් විලංගු දමාපොලිස් ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් මුලින්ම පහරදීමක් සිදුකර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

අයිස් මත්ද්‍රව්‍ය දමා මෙම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට පවසා තර්ජනය කරඑසේ නොකර සිටීමට  යැයි කියා මෙම මුදල බලහත්කාරයෙන් කොල්ලකා  පසුව එම තරුණයාව මුදාහැර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පසුව මෙම තරුණයා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළකු ලෙසරාජකාරි කරන  ඔහුගේ පියා ද සමඟ ගොස් මේ ගැනමඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීඅමල් එදිරිමාන්න මහතා ට මහතාට පැමිණිලි කර ඇත

සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 



අදහස් (1)

කොත්තු බාස්ට පාට් දැමූ පොලීසියේ තුනක් ගෙදර

බද්රානි Monday, 14 August 2023 04:25 PM

අම්මෝ...!! කවුරු සමග ප්‍රශ්න ඇතිකර ගත්තත් ලංකාවේ කොත්තු බාස්ලා එක්ක නම් ප්‍රශ්න දාගන්න එපා... දැන් කොත්තු බාස්ලානේ ලංකාවේ ඉන්න ලොකුම ව්‍යවසායකයෝ... කවදා හරි කොත්තු බාස්ලා මුළු ලංකාවටම කොත්තු කවලා තමයි පස්ස බලන්නේ... බත් වෙනුවට, තුන්වේලම කන ප්‍රධාන ආහාරය කොත්තු වුණාම කාටද ආඩම්බර..?

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site