
(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තරැණයන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් එක් අයකු අද (13) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර උතුර අරංගල මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජූවන්දරගේ හර්ෂ මධුෂාන් නමැති 36 හැවිරිදි තරැණයෙකි.
දිය නෑ පිරිස අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත් දියේ ගිලුණු පුද්ගලයා ගොඩට ගෙන අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කල ද ඒ වන විටත් මියගොස් සිට ඇතැයි ද පොලිසිය පවසයි.
මේ පිළිබදව හදිසි මරණ පරීක්ෂණය අද (14) දින පැවැත්වීමට නියමිත වේ ය.
හංවැල්ල පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd