( පාලිත ආරියවංශ )

ඇල්ල සංචාරක කළාපයේ පුංචි ශ්‍රීපාදය කන්දෙන්  අද( 13)  අඩි 100 ක පමණ ප්‍රපාතකට ඇද වැටුන වි‍දේශිකයෙක් ප්‍ර දේශවාසීන්ගේ සහාය ඇතිව  ඇල්ල සංචාරක පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප්  කළුපහන මහතා පැවසීය .

බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන 27 හැවිරිදි මෙම විදේශිකයා  පුංචි ශ්‍රීපාද කන්දේ සිට  හිරුඋදාවේ වීඩියෝ දර්ශන හා ඡායාරූප  සිය ජංගම දුකරථනයෙන් රූගතකරමින්  සිටියදි මෙම අනතුරට මුහුණ පා තිබේ .

ඇල්ල සංචාරක පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසින් විසින් ඔහු ප්‍රපාතයේ සිට ඔසවාගෙන විත් සුවසැරිය ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට යැවීමට පියවරගෙන තිබිණ .