(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නාගරික සංවර්ධන අධිකාරියේ  රුපියල් කෝටි හය දහස් පන්සිය අසූ හතක් වටිනා ව්‍යාපෘති 26 ක් විවිධ හේතු මත අතරමඟ නැවතීමෙන් ලක්ෂ සංඛ්‍යාත  පිරිසකට ප්‍රතිලාභ අහිමි වී  ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මෙම ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි පන්සිය  දාහතරකට  වැඩි මුදලක් දැනටමත් වැය කර ඇතැයි තොරතුරු හෙළිවූ බව  එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මින් ව්‍යාපෘති 11 ක් නැවතී ඇත්තේ රජයේ ආයතන අතර පවතින විවිධ ගැටළු හේතුවෙන් බවත් එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් කෝටි 253 කට වැඩි මුදලක් දැනටමත්  වියදම් කර ඇති බවත් සභාපතිවරයා  කීවේය.