(කේ බුද්ධික කුමාරසිරි)

පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනකු ඇතුලුව   විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක  විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනකු පහුගිය වසර එකහාමාරක කාළය විශේෂඥ පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇතැයිද ඒ අතුරින් 11 දෙනකු මෙලෙස කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි ද ඒ මහතා පවසයි

මෙවැනි  විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලාභියකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්ව ලාභියකු සඳහා රුපියල් මිලියන අටක පමණ මුදලක් වැය වන බවත් පහුගිය වසර එකාහාමාර තුල විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනකු විදෙස් ගත කර ඇති බවද තවත් වෛද්‍යවරුන් 617 දෙනකු විදේශගතව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සදහා සූදානමින් සිටින බවද ඒ මහතා පවසයි.