
(පුෂ්පකුමාර ජයරත්න)
පාසල් යන බව මාපියන්ට පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගත් පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි 16 හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනකු පොලිස් බාරයට ගෙන මාපියන්ට බාර දුන් බව කුරුණෑගල පොලිසිය කියයි.
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෛනිකව කුරුණෑගල වැව රවුමේ සිදු කරනු ලබන සෝදිසියකදී මෙම ලාබාල සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ මුහුණු පොතේ පෙම්වතුන් සමඟ හමුවී තිබේ.
මෙයින් එක් සිසුවියක් ගල්ගමුව ප්‍රදේශයේ වන අතර අනෙක් සිසුවිය කුරුණෑගල ප්‍රදේශයට ආසන්න ගමක පදිංචිකාරියකි.
මොවුන් දෙදෙනාම මුහුණු පොතෙන් හඳුනාගත් 17 හැවිරිදි සහ 19 හැවිරිදි ලාබාල තරුණයන් දෙදෙනකු සමඟ පෙම් සබඳතාවයන් පවත්වාගෙන ගොස් තිබූ අතර පළමුවරට එකිනෙකා සියැසින් දැක හඳුනාගැනීම සඳහා මෙලෙස කුරුණෑගලට පැමිණ ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
මොවුන් දෙදෙනාම එදින පාසල් යන බව මාපියන්ට පවසා නිවෙස්වලින් පිටව ගොස් අතරමඟදී පාසල් නිල ඇඳුම් ගලවා වෙනත් ඇඳුමකින් සැරසී තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගලට පැමිණ ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd