(ඉන්දිකා රාමනායක)
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරේ බැරැක්කය තුළ නිදා සිටි ගුවන් හමුදා භටයකුගේ රන් මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සොරාගත් රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ 3 ට ආසන්න බව ද පොලීසිය පවසයි.
ගුවන්තොටුපල කඳවුරේ රාජකාරි කරමින් සිටි මෙම ගුවන් සෙබලා රාජකාරිය නිමාකර බැරැක්කයේ නිදා සිටියදී ඔහුගේ රන් මාලය කිසිවකු කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට හමුදා සෙබලා ගුවන් තොටුපොළ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද? කටුනායකට කොටි ගහද්දිත් මෙයාලා හොඳට නිදාගෙන හිටියේ... ආමි කොමාන්ඩෝලා එනකම් එක කොටියෙක් මරාගන්න බැරිවුණා...
මරු ගුවන් හමුදා සෙබලා .රට රකින්න රාජකාරිය .බෙල්ලේ තියන මාලේවත් රැකගන්න බැහැ