IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවැලි බංගලා 27 න් කෝටි 4 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මහවැලි සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා විසි හත  2021 වර්ෂයේදී  රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් ලබා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ එම සංචාරක බංගලා ආදායම ඉක්මවා වියදම් දරා තිබීම හේතුවෙනි.

සංචාරක බංගලාවල  ආදායම අඩු වෙමින් පැවතියදීත් 2021 වර්ෂයේ සිට මේ දක්වා ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් කාර්යාලය යටතේ පවත්වාගෙන යන සංචාරක බංගලා පහ අන්තර්ජාලයෙන්  වෙන් කිරීම හා බාහිර පුද්ගලයන්ට නිකුත් කිරීම නවතා දමා තිබූ බව නිරීක්ෂණය වී යැයිද  විගණන වාර්තාවේ දැක්වේ.

එසේම සේවා අවශ්‍යතාවය වෙනුවෙන් සංචාරකයන්ට  බැහැර කිරීමද  තාවකාලිකව අත්හිටුවා ඇති බව  විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.

මේ අතර අධිකාරියේ පැළ තවාන් එකොළහකින් පැළ  තවාන්  අටක්ම පාඩු ලබා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම පැළ තවාන් වලින් 2021 වර්ෂයේදී  ලැබූ පාඩුව රුපියල්  තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩිය.

 



අදහස් (3)

මහවැලි බංගලා 27 න් කෝටි 4 ක පාඩුවක්

Vimukthi Tuesday, 15 August 2023 02:37 PM

ඔය හදන්නෙ ඔය බංගලා ටික කුණුකොල්ලයට ආණ්ඩුවේ හෙංචයියන්ට දෙන්න. ඕවා බංකොලොත් වුණා නම් වුනේ 226යි, ඔවුන්ගේ බත් බැලයෝයි නිකන් බුකින් දාලා නැතුව සාමාන්‍ය මිනිස්සු ගිහින් නෙවෙයි...

:       0       1

Hasith Tuesday, 15 August 2023 03:31 PM

මේ ඔක්කොම පාඩු .නාස්ති කාර වියදම ගෙවාගෙන මේ රටේ මේ විදියට හරි තාමත් ජීවත් වෙලා ඉන්න එකනම් පුදුමයක්

:       0       3

ravin Tuesday, 15 August 2023 03:40 PM

මෙම වකවානුව තුල කොවිඩ් 19 තදින්ම පැතිරුණු අවදියත් ඇතුලත්ද ?සංචරණ සීමා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site