
(ආනන්ද ඉ ජයකොඩි)
කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්‍යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන්තාවක මෙහෙයවන කල්ලියක ජාවාරම්කරුවකු නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහායෙන් ව්‍යාජ ලේඛන සකස් කර විකුණා ඇතැයි ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති මෝටර් රථයක් හා ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති වැගන් ආර් රථයකට ව්‍යාජ ලේඛන සකස් කර රන්පොකුණගම ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ සීයකට විකුණා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ජාවාරම්කාර පුද්ගලයා නිට්ටඹුව දංගොල්ල වත්ත ප්‍රදේශයේ දී එසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
මෙය රටපුරාම කර ගෙන යන හොර ජාවාරමක් බවත් හොර ජාවාරම මෙහෙය වනු ලබන්නේ කාන්තාවක් බවත් අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඇතුළු එම කල්ලියේ සියලු දෙනා ජාතික හැඳුනුම්පත් පත් ඇතුළු සියලු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිඝණක පද්ධතියද වෙනස් කර හොර වාහන ජාවාරම කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු