(යොහාන් භාසුර)
කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කර ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදය ලිහිල් කළ බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෑම ගුවන් මගියෙක්ම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට තව දුරටත් ලක්වන බවත් ඉවත් කළ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවත් එම සමාගම සඳහන් කරයි.
මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර තුනක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීමෙන් විශාල තදබදයක් ඇතිවූ බව කියන එම සමාගම වර්තමානයේ රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්ට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන් ද සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද සඳහන් කරයි.
නවීණ තාක්ෂණයෙන් යුත් කැමරා 446 කින් ගන්නා රූප රාමු ඇතුළත් ආරක්ෂිත කැමරා පද්ධතියකින් යුතු පැනලයක් හරහා පැය 24 පුරා මගීන් නිරීක්ෂණය කරන බවත් සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන්තොටුපොළ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත ආවේක්‍ෂණ කණ්ඩායම් පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට වජිර, දැන් තමයි වෙලාව වැඩේ දෙන්න
ඔය ගලෝපු ස්කෑන් යන්ත්‍රය ප්‍රභූ පර්යන්තය සවි කරන්න.
එක ඔලුවේ අමාරුවක් ඉවරයි. නමුත් වැඩිදුරටත් ස්කෑන් කල යුත්තේ අර 225 යන එනකොටයි.
එක ස්කෑන් යන්ත්‍රයක් තිබුනාම ඇති