(සුජිත් හේවාජුලිගේ )
අධික නියගය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම තවත් නරක අතට හැරෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසීය.
වැසි වැටෙන තුරු ජල මට්ටම මේ ආකාරයට දිගින් දිගටම අඩුවනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු අර්බුද මධ්‍යයේ වුවද වගා බිම්වලට ජලය නිකුත් කිරීම දිගටම කරන බවද ප්‍රකාශ කළේය.
අධික නියගය හේතුවෙන් ජල මට්ටම විශාල වශයෙන් අඩු වී ඇත්තේ උඩවලවේ ජලාශයේය. එය සියයට 2.9 කි.
ඊට පසු ජල ධාරිතාව විශාල වශයෙන් අඩු වී ඇත්තේ සමනල වැව ජලාශයේ වන අතර එය සියයට 4.1 කි.
මෙයට අමතරව රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාව සියයට 8.5 දක්වාද මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව සියයට 17.8 දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 29.1 දක්වාද රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව සියයට 30.5 දක්වාද බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව සියයට 39.9 ක් දක්වාද කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 36.5 ක් දක්වාද මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 39.6 ක් දක්වාද කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 58.7 ක් දක්වාද අඩු වී ඇතැයි ඔහු සඳහන් කළේය.
මේ අතර කළු ගගේ ජල ධාරිතාව සියයට 67.4 ක් දක්වා පහත බැස ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd