
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුලත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
අද රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතු බව කී හරීන් ප්‍රනාන්දු මහතා නමුත් වර්තමානයේ තනි පුද්ගලයකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ පාලනය කළ දේශපාලනඥයින් වගකිව යුතු බව කියන්නා වූ කතාව වැදගත් යමක් නොමැති නිසා කියන්නා වූ ජනප්‍රිය පාටයකි. නමුත් එය දේශපාලන සටන් පාටයක් නොවේ. ඉතිහාසය පිළිබඳව කතාකිරීමෙන් ඵලක් නොමැත. රටේ අනාගතයට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න සිතා කටයුතු කළයුතුවේ. ගැටළු සඳහා විසඳුම් අවශ්‍ය වේ. නිදහසින් පසු වරින්වර රට පාලනය කළ නායකයින් රට පාලනය කරන ලද්දේ මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු, යුගයේ අවශ්‍යතාවය මතවේ.
සංචාරක කර්මාන්තයට පමණක් නොව සියළු රාජ්‍ය ආයතන සදහා මේ අත්‍යාවශ්‍ය ක්‍රියාදාමයකි. එහෙත් එය එසේ නොවීමට හේතුව කවරක්ද? දූෂිත දේශ පාලකයින් සිටින තාක් කල් එය සිදුවීමට ඉඩ නොතබන බව විශ්වාසයි.
එක පක්ශෙක, එක ප්‍රතිපත්තියක අවුරුද්දක් ඉන්න බැරි ඔබලා හදන ප්‍රතිපත්ති...