(අංජුල මහික වීරරත්න)
බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දෙසැම්බර් මස 31 වැනිදාට පෙර එම සංවර්ධන සැලසුම් ව්‍යාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසද අමාත්‍යවරයා එහිදී කීය.
ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පෑලියගොඩ නගරය ප්‍රසන්න පුරවරයක් කිරීමටනම් ජනතාව මුහුණදෙන පීඩාකාරී ගංවතුර තර්ජනය විසඳිය යුතු අතරම ජනතාවගේ නිවාස ගැටළුවද කඩිනමින් විසඳිය යුතු බවයි.
ඒ අනුව පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පමාට ගසාකන්ඩ හොඳ පොටක් පෑදෙයි වගේ ?