
( සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක දෙකක ගැටී අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකළ බව මාන්කුලම් පොලිසිය කියයි.
කොළඹ සිට යාපනය දක්වා ධාවනයවූ වෑන් රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති අතර පසුව ඉදිරියෙන් තිබූ තවත් ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් වැල්ලම්පිටිය , මුල්ලේරියාව සහ යාපනය පදිංචි අවුරුදු 38 ,46 සහ 58 අතර වයසේ පසුවන තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනකු මාන්කුලම රෝහලට සහ කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd