(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඔරුගොඩවත්ත විදුලි ආලෝක සංඥා පුවරුව අසල දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා එම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින බවටකොළඹ අධිකරණ වෛද්‍ය වෛද්‍යවරයා විසින්පරීක්ෂාකර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50 ක් සමඟ මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ආදුරුප්පු වීදිය පොලිසිය විසිනි.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබුණේ රහස් පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු විසිනි.
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් රහස් පොලිසියේ රාජකාරි කරන මෙම පොලිස් කොස්තාපල්වරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd