(අංජුල මහික වීරරත්න)
කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වෝල්ට් 33ක ද්විත්ව පරිපථ සීබ්‍රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අදාළ විදුලි රැහැන් මාර්ගයේ මුදියන්සේ ඇල ආශ්‍රිතව ඉදිකිරීම වෙනුවට මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මායිම අද්දරින් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.
ඒ අනුව යෝජිත විකල්ප මාර්ගය ඔස්සේ විදුලි රැහැන් මාර්ගයේ ඉදි කිරීමට හැකි වන පරිදි නව ගැසට් නිවේදනයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කිරීම සඳහා පරිසර විෂය භාර අමාත්‍යවරයාට බලය ලබාදීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරවේදියෝ ,ඉංජිනේරුවෝ එකතුවෙලා කරන්න ඕන වැඩ මේවා.හැම රෙද්දටම කැබිනට් මණ්ඩලය .ඕකේ ඉන්න අපතයෝ දන්නේ හොරකම් කරන්න විතරයි .බැංකුව කපු එකෙක් මුල් පුටුවේ තියාගෙන තීරණ ගන්නවා