(ප්‍රියාණි මංගලිකා )
දිගන්නෑව ,හුදලියාව ප්‍රදේශයේ අන්සතු කොමඩු ගොවිපලකට ඇතුලු පුද්ගලයෙකු ,එහි ඇද තිබූ අනවසර විදුලිය රැහැනක පැටලී අද(15 ) පස්වරුවේ මියගොස් ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කැලේගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි හැටහතර වියැති ,ඩබ්.ඩබ්.කරුණාදාස නැමති තිදරු පියෙකු බවද පොලීසිය පවසයි.
තම කුඹුරට ගොස් ආපසු එම්න් සිටියේදී අතරමග පිහිටි මෙම කොමඩු වගා බිමට ඇතුලු වී ඇති බවද , එම අවස්ථාවේ එහි දමා තිබූ අනවසර විදුලිය රැහැනක පැටලීමෙන් මරණය සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇනුන්ගෙ ඉඩමකට අනවසරයෙන් මොකට රින්ගන්ඩ ගියාද මන්දා ? කොහොම නමුත් අපරාදෙ රටට බත සපයපු ජීවිතයක්. ඔබට නිවන් සුව.
අනවසරයෙන් අනුන්ගේ වගාවකට ඇතුලුවීම නිසා මෙය සිදුවී ඇති බව පෙනේ.