ජනප්‍රිය බයිලා ගායකයා හෝටලේ බිල වෙනුවට ගුටි දීලා ජනප්‍රිය ගායක බයිලා ගායකයකු ඇතුළු පිරිසක් පානදුර පාලම අසල ආපන ශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් එහි සේවකයන් දෙදෙනකුට පහර දී දේපලවලට ද අලාභානි සිදු කළැයි පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 02 July 2023
කතරගම ඇසළ මංගල්‍යයට ජන ගඟක් ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට ලක්ෂ 03 ඉක්මවා බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි. 02 July 2023
මාලි ගිය අපේ විරුවෝ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා තෝරාගත් යුද හමුදාවේ 170 දෙනෙක්ගෙන් සමන්විත භට කණ්ඩායමක් මෙරටින් පිටත් වුහ. 02 July 2023
විදෙස් නියෝජිතයෝ කන්දඋඩරට සිරිය නරඹති විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය අද (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ . 02 July 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ජනතා හිතවාදී නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව ජනතාවාදී නොවීම නිසා එයට ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 July 2023
ඖෂධ හිඟයක් තිත තියන්න වැඩ පිළිවෙලක් රටෙි ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 02 July 2023
කඩුවෙලට 8 පසු ගමන් සීමා කරයි කඩුවෙල සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද (2) රාත්‍රී 8.00 සිට හෙට (3) අළුයම 3.00 දක්වා එම ප්‍රදේශයේ මාර්ග රැසක රථවාහන ගමනාගමනය සීමා කළ බව පොලිසිය පවසයි. 02 July 2023
අඟහරු ලොවේ පාෂාණත් සෙවනගල පාෂාණත් සමානද බලයි අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් නැමැති පාෂාණයට සමාන ලංකාවෙන් සොයාගත් සර්පෙන්ටිල් පාෂාණයේ නියැදි ලබාගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමග කටයුතු කරන රටවල් කිහිපයක සහ ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක භූගර්භ සහ වාග් විද්‍යාඥයන් කණ්ඩායමක් මේ දිනවල සෙවනගල ගිනිගල්පැලැස්සේ පර්යේෂණ කටයුතු වල නිරතව සිටිති. 02 July 2023
සිංහ පැටව් ලෝක කුසලානයට සුදුසුකම් ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (2) සමත් විය. 02 July 2023
පොහොට්ටුවේ ප්‍රධානින් ණය ප්‍රතිව්‍යුහගත යෝජනාව මඟහැරියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙණන චරිත කීපයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්ෂියට නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළේ යැයි සිතිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 July 2023
කොළඹ - යාපනය පැයකට ළං වේ රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් ළඟාවීමේ පසුව සලසා ඇතැයි රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පවසයි. 02 July 2023
ණය යෝජනා ඡන්ද විමසීමට මහින්ද-මෛත්‍රී නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගි නොවීම විශේෂත්වයකි. 02 July 2023
ශ්‍රී ලංකාවට ලකුණු 166 ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී දැන් පවැැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 165 ක් රැස් කළේය. 02 July 2023
මත්ද්‍රව්‍ය මැඩලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 02 July 2023
වෘත්තිය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ මඟහැරලා සියලුම වෘත්තීය සමිති නායකයන් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරි නොමැති බවත් වත්කම් හා බැරකම් පනතේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 July 2023
නව ජල සම්බන්ධතා වාරික ගෙවීමේ ක්‍රමයට නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 July 2023
වළකට වැටී දරු දෙදෙනෙක් මරුට පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක සහ 14 පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ශ්‍රීපුර පොලීසිය පවසයි. 02 July 2023
නිරිත දිගට දිගටම වැස්ස දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 July 2023
ඊශ්‍රායලයේ - කටුනායක ප්‍රථම සෘජු මගී ගුවන් සේවා ඇරඹෙයි ඊශ්‍රායලයේ සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ පියවර ගෙන තිබේ. 02 July 2023
ආබාධිත - වැඩිහිටි - රෝගී ප්රතිලාභ ලැයිස්තුව එයි ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව මෙම සතියේ ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය. 02 July 2023
තේක්ක ගහෙන් මාරයා එයි හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබූ තේක්ක ගසක අතු කැපීමට ගිය පුද්ගලයකු එම ගසේ අඩි හතලිහක පමණ උඩක සිට බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට අද (02) දින ඇතුලත් කල පසු මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 02 July 2023
පැය පහක ගුවන් ගමනකින් පසු මුතු රාජා තායිලන්තයට ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ ඇතා රැගත් ගුවන් යානය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ ’’චියෑන් මායි’’ ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ. 02 July 2023
කෝටි දෙකක බීඩිකොළ කරතිව් කළපුවෙන් අල්ලයි වනාතවිල්ලුව කරතිව් කළපු තිරයෙදි ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ තොගයක් 2 දින අලුයම විජය නාවික හමුදා කදවුරු නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් බව කියයි. 02 July 2023
සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක් සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 02 July 2023
හොර නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටුවක් දී භාණ්ඩ මිලට ගැනීමට සැරසුන පුද්ගලයකු එම වෙළඳ සලේ සේවකයන් සහ අවට සිටි ජනතාව එක්ව අල්ලා පූජාපිටිය පොලිසියට බාර දී ඇත. 02 July 2023
නිධන් ගන්න ගිය 6ක් පොලිස් දැලේ මැණික් එබ්බවූ වලළගම්බා රජුගේ රන් ඔටුන්නක් සහ මැණික් කුල්ලක් ඇති බව පවසමින් එය ලබා ගැනීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු දඹුල්ල කපුවත්ත මොරගොල්ලවත්තෙ ඉඩමකදී සැක පිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීිසිය කියයි. 02 July 2023
බන්ධනාගාර නියාමකට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටියදී ගිනි අවි තුනක් සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් යුධ හමුදා කපිතාන්වරයා ගෙන් හා පාතාල සාමාජිකයාගේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මිනුවන්ගොඩ බන්ධනාගාර නියාමකවරයා ට පහරදීමේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2023
ලංකාව-ඉන්දියාව අතර බෝට්ටු සේවය තවත් ප්‍රමාදයි අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 02 July 2023
මොටර් රිය මාර ගසක වැදී අයෙක් මරුට:4ක් රෝහලට ඇල්ල සිට බදුල්ල නගරයේ දේවස්ථානයකට යමින් සිටි පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල කෝව්ල අසලදී අද (2) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 02 July 2023
මස් වැද්දෝ වනජීවි නිලධාරීන්ට පහර දෙති දඩ මස් සොයා සිදු කළ මෙහෙයුමක නිරත වූ වනජීවි නිලධාරින් දෙදෙනකුට සෙවනගල නලසිරිගම ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගතකළ බව උඩවලව වනජීවී කාර්යාලය පවසයි. 02 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026