
(විමුක්ති එස් රුද්‍රිගු)
අධික වේගයෙන් ධාවනය කළ සුඛෝප භෝගී මෝටර් රථයක් ඕස්ට්‍රේලියා පොලිසිය විසින් තලා පොඩි කර විනාශ කර දමන ලදි.
පැයට කිලෝ මීටර 253 ක අධික වේගයකින් ධාවනය කළ මෝටර් රථයක් තලා පොඩිකර දැමීමු අතර සමාජ මාධ්‍ය තුළ සැරිසරන එම වීඩියෝව දැක රියදුරෝ භීතියටත් පුදුමයටත් පත්වූහ.
හෝල්ඩන් කොමඩොර් වර්ගයට අයත් මෙම මෝටර් රථයේ වටිනාකම ඩොලර් 30000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 95 ක්)පමණ වේ.
ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දී ඇති නව නීති යටතේ මෙම රථය විනාශ කිරීමට පොලිසියට නීතියෙන් අවසර හිමි වී ඇති අතර පසුගිය සිකුරාදා එසේ මෝටර් රථය විනාශ කර දැමීමෙන් නොසැලකිලිමත් රියදුරන්ට පණිවිඩයක් ලබා දුන් බව පොලිස් නිලධාරීන් පවසා ඇත.
පසුගිය ජනවාරි මාසයේ 30 වැනිදා එල් බෝර්ඩ් එකක් සහිතව ටරෙල් පවර් විලියම්ස් නම් 20 හැවිරිදි තරුණයා අධික වේගයෙන් ඔහුගේ හෝල්ඩන් කොමඩොර් වර්ගයට අයත් මෝටර් රථය ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව අත් අඩංගුවට ගත්තේය.
ඕස්ට්‍රේලියානු නීතිය යටතේ එල් බෝර්ඩ් එකක් සහිතව රිය ධාවනය කරනු ලබන පුහුණුවන රියදුරකුට මෝටර් රථය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර 100 කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නම් ඇමැතිට කතා කළා. කාර් එකත් එක්ක කොල්ලා ගෙදර. ඒක අල්ලපු පොලිස් නිලධාරියා ඇතුලේ...!
ඔන්න නියම පොලිසියේ වැඩ...
ඒකටත් එක්ක අපේ රටේ? ඉගිල්ලෙන්න හදනවා. ජීවිත නැති කරලත් බේරෙන අය ඉන්නේ...
අන්න නීතිය, අන්න පොලීසිය... මෙවැනි දේවල් ලංකාවේ දකින්න තව ආත්ම ගණනාවක් ඉන්න වේවි.
ඒකට අපේ රටේ කට්ටියගේ වැඩ කොහොමද බලන්න? වාහනයකට යටකර නැත්නම් හප්පා මැරුවත් රියදුරා ලොක්කෙක්ගේ පුතෙක් නම් ඌ නොවෙයි... නීතිය හමුවට ගේන්නේ වෙනත් එකෙක්. එහෙම කළාම අන්තිමේ දෙන්නම නිදහස්. මැරුණු කෙනාගේ පවුලේ අයට පාඩුවක් විතරයි...
දියුණු රටක වුණත් මේක හරිම මෝඩ නීතියක්. භෞතික වස්තුවක් විනාශ කිරීමට වැඩ... එම රථය පැදවූ පුද්ගලයාට එම රථයෙයි, වටිනාකමට දඩයක්... නියම කළේ නම්..., භෞතික වස්තූන්ගෙන් පළිගැනීමකට අවශ්‍ය නොවනු ඇත..
මෙන්න මෙවැනි දඬුවම් තමයි අද වෙනකොට ඕනෑ. ලංකාවේ මාර්ගවල කිසිම නීතියක් ක්‍රියාත්මක නැහැ. මෙතරම් අනතුරු වෙලත් ජීවිත අහිමි වුණත් නීතිය වල් වැදිලා. මෝටර් සයිකල්, හෙල්මට් නැතුව නගර තුළත් යනවා. ඊයේ මගේ ඇහින් දැක්කා වැඩිහිටියෝ දෙන්නයි ළමයි 3 දෙනයි ස්කූටියක යනවා. පාලනය කරගන්න බැරුව පාර පුරා. පොලිසිය නොදැක්කා වගේ හිටියා. මේක වුනේ ගාල්ලේදී...
දියුණු රටක් කිව්වාට මෝඩ තීරණයක් හා ක්‍රියාවක්... රටේ මුදල් තමයි නැතිවෙන්නේ...