
බ්‍රිතාන්‍ය හෙදියක් ඇය සේවය කළ රෝහලේ උපත ලද ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී ඇය වරදකාරිය බව මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය ඇය වැරැදි කු බවට තීරණය කළේය.
ලූසි ලෙට්බි නම් 33 හැවිරිදි වරදකාරිය, 2015 සහ 2016 අතර කාලයේදී මෙම ළදරුවන් ඝාතනය කර ඇති අතර ඝාතනයට ලක්වූ ළදරුවන් අතර පිරිමි ළදරුවන් 5 දෙනකු සහ ගැහැණු ළදරුවන් 2 දෙනකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෙට්බිට ගොදුරු වූ සියලු ළදරුවන් නොමේරූ හෝ රෝගී තත්ත්වයන්ට පෙළුණු අය බවද පැවැසෙයි.
චෝදනා කීපයක් ලූසි ලෙට්බි හට චෝදනා එල්ල වී තිබිණ. ඒ හේතුවෙන් ඇයට විරුද්ධව මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කෙරිණ. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය ඔක්තෝබර් මස ආරම්භ වූ අතර එය දීර්ඝ නඩු විභාගයක් විය.
කාන්තාවන් හත් දෙනකු සහ පිරිමින් හතර දෙනකුගෙන් යුත් ජූරි සභාව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර දින 22 ක් ඉතාමත් සැලකිල්ලෙන් සාක්ෂි විමසා බලා තීන්දුවට එළඹ ඇත.
එහිදී මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා දෙකකට ලෙට්බි වරදකාරිය නොවන බවට ජූරි සභාව තීරණය කර ඇති අතර තවත් චෝදනා හයකට ලෙට්බි වරදකාරිය හෝ නිවැරදිකාරිය දැයි එකඟතාවයකට පැමිණීමට ජූරි සභාවට නොහැකි වී තිබේ.
අනතුරුව ලෙට්බි ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරදකාරිය යැයි මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණයේ ජූරි සභාව තීරණය කර ඇත.
ක්‍රවුන් අධිකරණය ඇයට ලබා දෙන දඬුවම එළඹෙන 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 10 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපන් හැටියේ දරුවන් මැරූ එංගලන්ත හෙදියට දඬුවම්