
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19)යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.
සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.
වියළි කාළගුණය නිසා සිඳී ගොස් ඇති ජල කඩිති වලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා සහභාගී වූයේය.
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයකදී ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි.
ජනපතිගේ මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ කිසියම් මෝඩ පිරිසක් කඩේ යවා අරගල කර රනිල් මහතා ජනාධිපති ලෙස පත් කරගත් මේ තානාපති කත මේ සැරසෙන්නේ කුමටදැයි කවුරුත් කල්පනා කළ යුතුයි...
සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානයට පමණක් නොව සංචාරකයන් නැරඹීමට බලාපොරොත්තු වන සියලු තැන්වෙත ඇතුළු වීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අලුතින් සිතා / වෙනස් ආකාරයකට කළයුතු වේ. එනම් විදේශිකයින් ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන අවස්ථාවේදී පැමිණීමට පෙර ඔවුන් ලංකාවේ නැරඹීමට යම් තෝරාගැනීමක් සිදුකරයි. එම නිසා විදේශීය සංචාරකයින් සඳහා ඔවුන් කැමැති තැන 5ක් නැරඹීම සඳහා ඇතුළුවිය යුතු මුදලක් වශයෙන් $50 - 100අතර හෝ සියලු තැන නැරඹීමට $ 150 මුදලකට visiting pass / paper ලබාගැනීමට අවස්ථාව සලසා දියයුතුවේ. එවිට සංචාරකයින් ලංකාවට පැමිණීමට පෙරම ඔවුන් කැමැති තැන් තෝරා මුදල් ගෙවා visiting pass / paper # සහිතව ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුවේ. එම අවස්ථාව සංචාරක මණ්ඩලයේ WEBSITE වෙතින් ලබාගැනීමට හැකියාව ලබාදිය යුතුවේ. සංචාරකයින් පැමිණෙනුයේ කෙටි සංචාර ( සතියක් හෝ දෙකක් ) සඳහා වේ... එම නිසා ඔවුන්ගේ කාලය අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කළයුතුවේ. පැමිණෙන බොහෝ සංචාරකයින් එවිට පෝලිම්වල සිටීමට අවස්ථාව උදාවන්නේ නැත...
එම visiting pass පෙන්වූ පසු ඔවුන්ට පහසුවෙන් අතුලු වීමට අවස්ථාව සලසා දිය යුතුවේ. මෙය පළමුව සංචාරකයන් සඳහා පමණක්ම ආරම්ඹ කළයුතු වේ. මේ අවස්ථාවේ ලංකාවට $ අවශ්‍ය වන නිසා දැනට $ වලින් පමණක් visiting pass / paper මිලදී ගැනීමේ හැකියාවක් ඇති කළයුතු වේ. එවිට ඔවුන් ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ සිට ගමනාන්තය දක්වා කිසිඳු ගැටලුවකින් තොරව ඔවුන් කැමති තැන් දැක බලාගැනීමට හැකිවේ. සංචාරකයින් විසින් එම තෝරාගැනීම් සිදුකරද්දී අවම වශයෙන් ගතවන කාලය පිළිබඳවද website හි සඳහන් කිරීම වැදගත් වේ. එවිට ඔවුන්ගේ සංචාරය පිළිබඳව දළ අදහසක් ගැනීමට හැකියාවක් ඇත. ඔවුන් ලංකාවට පැමිණ නැරඹීමට තෝරාගන්නා තැන ඔවුන් විසින් ලංකාවට පැමිණෙද්දී ගෙන එන අවස්ථාවේ එම visiting pass / paper හි # තිබිය යුතුය... සහ ඔවුන් නැරඹීමට තෝරාගත් තැන් ගෙවූ මුදල සහ පැමිණෙන රටේ නම එම print out හි සඳහන් වන ආකාරයට website හි නිර්මාණය සිදුව තිබිය යුතුවේ. තව බොහෝ දේ කිරීමට ඇත... එසේ නොමැති වුවහොත් ගුවන් තොටුපලේ සිට දුෂිත මාෆියාව ආරම්භ වේ..
මට හිතයි කියන්න " කොටියා කාපිය ඕකුන් රැලම !!! .." කියලා. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. කොටින් ඇතුළු මාංශ භක්ෂක සතුන් බොහෝමයක් ගොදුරක් ආහාරයට ගන්න පෙර ඉවකරලා තේරුම් ගන්නවා ආහාරයට සුදුසුද කියලා. ඔතැන ඉන්න රනියා, හරියා.. ජූලි.. ඇතුළු දෙපා සතුන් ඔක්කෝමගේ ශරීරවල විෂ තිබෙන්නේ. ඒ නිසා මම කෑගැසුවාට කොටියා ඕකුන්ව කාලා සියදිවි නසාගන්න කැමැති නැහැ. නමුත් ඔය රලටම සියදිවි නසාගන්න වෙන දවසක් ළඟ ළඟම එනවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් මේ ඉන්නේ පිපිරෙන්න ආසන්න ගිනි කන්දක් උඩ කියලා....!
යාල ගියේ කොටි බලන්න වෙන්න ඇති. ඉස්සර කොටි බලන්න ගියේ උතුරට...
යාලේ නෙවෙයි මෙයා යන්නේ අයාලේ
ජනාධිපති වුණාට පස්සේ රනිල්ගේ බඩ ලොකු වුණ වේගයෙන් අපේ රටේ ඩොලර් සංචිත ටික වැඩි වුණා නම් මෙලහකට රට ගොඩ ගිහිල්ලා...!
පුදුම අවස්තාවාදීන් රැලක්. එකෙකුට එකෙක් දෙවෙනි නෑ.