IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වික්‍රම් හඳේ ඡායා එවයි

චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟ ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම ඡායාරූප පෙළක් නිකුත් කළේය.

වික්‍රම් නැමැති ගොඩ බැසීමේ යානය මෙම ඡායාරූප පෘතුවිය වෙත ඒවා තිබේ.

වික්‍රම් ගොඩබැසීමේ යානය චන්ද්‍රයා සමීපයට රැගෙන ගිය අභ්‍යවකාශ මොඩියුලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාර්ථකව වෙන් වීමත් සමග චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසාන අදියර මේ වන විට ආරම්බ වී ඇත.

එතරම් ගවේෂණය නොකළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත රෝවරය රැගත් වික්‍රම් ගොඩ බැසීමේ යානය ලබන 23 වැනිදා ගොඩ බැසීමට නියමිතව ඇත.

වික්‍රම් ගොඩබැසීමේ යානය පෘතුවියට ඒවා ඇති කළු සුදු ඡායාරූප මගින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවාටවල සමීප දර්ශන පෙන්වා දෙන බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.

එවා ඇති එක් ඡායාරූපයක අභ්‍යවකාශ මොඩියුලයද දැක්වෙන බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පෙන්වා දුන්නේය.

චන්ද්‍රයාන්-3 සහ රුසියාවේ ලූනා-25 මෙහෙයුම් වල අභ්‍යවකාශ යානා දෙක සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ලබන සතියේ ගොඩ බැසීමට නියමිතව තිබේ.

 



අදහස් (0)

වික්‍රම් හඳේ ඡායා එවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site