IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාපයේ තනතුරු රොත්තක් අහෝසියි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි.

එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේදී සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන අතර එහිදී එජාපයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නියමිතය.

පක්ෂයේ වැඩ කටයුතු මෙහෙයවීමේ වගකීම පැවරෙන උසස් නිලතල කමිටුවක් (High Post Committee) නව ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙනු ඇත.

නව ව්‍යවස්ථාව මගින් අහෝසි කෙරුණු පක්ෂයේ තනතුරු දැරූ නිලධාරීන් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨයන් මෙම උසස් නිලතල කමිටුවට පත් කිරීමට නියමිතව තිබේ.

 



අදහස් (6)

එජාපයේ තනතුරු රොත්තක් අහෝසියි

සනත් Saturday, 19 August 2023 09:33 AM

ඔව් ඉතින්, තනතුරු දෙන්න තරම් සෙනග ඉන්නත් එපැයි...

:       5       25

කුණු බක්කියට වැටුණු සාමාජිකයන් Saturday, 19 August 2023 09:56 AM

කොහොම වුණත් පක්ෂයේ කෙනෙක් ජනාධිපතිවීම සතුටට කරුණක් වෙනවා. ඒත් පාරම්පරිකව එජාපයේ පාක්ෂිකයින් වුණත් ජීවිත හානිවීම් සිදුවී දේපළ හානියක් වුණත් දැනටත් එහෙම දේවල් වෙනවා... වර්තමානයේ පුද්ගලික වාසි තකා එකතුවෙන පොහොට්ටුවෝ දැනටත් කරන කරදර කෙළවරක් නැහැ. අපේ දරුවන්ට රැකියා නොදුන්නාට 2015 ජනාධිපතිවරණය වෙලාවේ මහින්දට වැඩකර ඇමැති තනතුරු ගත්තු පිරිස් ඔවුන්ගේ පාක්ෂිකයින් සඳහා රැකියා දුන්නා.. අපි වැඩකල සංවිධායක වරුනුත් අප ගැන කිසිම සෙවිල්ලක්, බැලිල්ලක් කළේම නැහැ මේවාට විසඳුමක් නැත්නම් කණගාටුවෙන් වුණත් විකල්පයක් සොයන්න වෙනවා... ඒ ගැනත් සමුළුවේදී තීරණයක් ප්‍රකාශ කරන්න හොඳේ...

:       6       13

කුණු බක්කියට වැටුණු සාමාජිකයන් Saturday, 19 August 2023 01:24 PM

හොඳ කල්පනා ශක්තියක් තියෙන කෙනෙකුට මම කියපු දේ ඇත්ත බව ඩිස්ලයික් දැමීමෙන් පේනවා නේද?

:       0       3

C.K.Lankaputhra Saturday, 19 August 2023 12:23 PM

මොන දහන්, සූත්තර දැම්මත් වැඩක් වෙන්නේ නෑ රජෝ, මේ සැරේ යන්න වෙන්නේ හොම්බෙන් තමයි.

:       4       21

Rata Perata Saturday, 19 August 2023 05:26 PM

දැනට ඉන්න මෝඩ රොත්තම එහෙම්ම ඉන්නවා. බලන්න බොරුද කියලා...!

:       1       9

Geetha Sunday, 20 August 2023 04:28 AM

මෙදාපාර නුඹලා දෙගොල්ලන්ම ගෙදර යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site