(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණ කුමාරි පිලිගම නැමැති හැට එක් හැවිරිදි කාන්තාවකි
බෙල්ලන්විල හංදියේ පෙරහැර වෙනුවෙන් යොදවා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ෂ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි
විදුලි සැර වැදුනු වැදුණු කාන්තාව ඒ මොහොතේම ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව මඟින් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.බොරලැස්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ දර්ශණයට අනුගත නොවන මෙවන් ක්‍රියාකාරකම්වල අනිසි විපාක තව බොහෝමයක් ඇතත්, ඒ ගැන කතා කිරීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන්නේ එහි ප්‍රතිවිපාක අමිහිරි බැවිනි...
කරුණාකර අදහස් දැක්වීම පහසු කිරීම සඳහා විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුල් කිරීම පෙර තිබූ අන්දමට පහසු කරන්න...
විදුලි කාර්මිකයෙක් කියන්නේ බොහෝම වගකීම් සහිතව කටයුතු කළ යුතු වෘත්තියක්... අතපසුවීම් වලට කිසිම සමාවක් දෙන්න බැහැ... වෘත්තීය වගකීම් රහිතව සහ නොසැලකිල්ලෙන් කිරීම නිසා අහිංසක කාන්තාවක් මරණයට පත්වෙලා. ඒ සම්බන්ධව කටයුතු කළ කාර්මික ශිල්පියා වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඔහු මතට ඇබ්බැහි පුද්ගලයෙක්දැයි සොයාබැලිය යුතුයි. වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි...