IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ණය වී සැඟව සිටි තේ ව්‍යාපාරිකයා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙනියායෙ බැංකුවකින් මුදල් රැගෙන නිවසට පැමිණෙන බව කියා අතුරුදන්ව සිටී සිටි තේ දළු ව්‍යාපාරිකයා නුගේගොඩ දෙල්කඳ ව්‍යාපාරික මිතුරකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

එම මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දෙනියායේ සිට පැමිණි තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර මංජුල මහතාට බුද්ධි නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙන ඇති අතර ඔහු බැංකුවෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 10 යි මුදලින් ලක්ෂ තුනක ඉඳලා නැවතත් බැංකු ගත ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කොලොන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේ තේ දළු මිළ දී ගන්නා ප්‍රධාන ව්‍යාපාරිකයා බවත් කිසියම් හේතුවක් හේතුවෙන් ඔහු ණය වීම හේතුවෙන් ඔහු බැංකුවෙන් මුදල් රැගෙන පැමිණෙන විට පැහැර ගත් බවට සමාජයට හැඟවීමට මිතුරාගේ නිවසේ සැඟව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 16 වැනි දින ඔහු නිවසින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (5)

ණය වී සැඟව සිටි තේ ව්‍යාපාරිකයා මාට්ටු

Muthu Saturday, 19 August 2023 11:37 AM

දැන් මේ මනුස්සයාට සමාජෙට මුහුණ දෙන්න බෑ. මේ වගේ දේවල් හීනෙකින් වත් කරන්න හිතේ තියෙන්න නැතුව ඇති දැනට අවු 4 - 5 කට කලින්. ඇත්තටම දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු අසරණ වෙලා තියෙන විදියට. හුඟක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ අන්ත අසරණ වෙලා. මේ ආර්ථිකේ සංකෝචනය වීමේ අනිටු විපාක. දේශපාලුවෝ තවමත් බෝක්කුවක් විවෘත කරන්නත් උත්සව තියනවා. අර නයිජීරියාවේ වුණා වගේ දේවල් ලංකාවේ වෙන්නේ අන්තිමේ. එහෙ රජය පෙරළුවා. මහා බැංකු අධිපතිට පැය 48යි දුන්නේ සල්ලි වලට මොකද වුනේ කියන්න. එයාත් අසරණ වෙලා මාධ්‍ය ඉස්සරහ හඬා වැටුණා. මම එහෙ ඉඳලා තියෙනවා. හොරකම් නොකරන මිනිහෙක් හොයා ගන්න හරි අමාරුයි. රට ඒ මට්ටමට වැටුණා. ඉහල හොරකම පහළටම ගලාගෙන ගියා...

:       0       23

kavidhu Saturday, 19 August 2023 02:34 PM

අර මහබැංකුවෙන් සල්ලි හොරකම් කරපු අය තවමත් නිදැල්ලේ නේද? ඉන්න තැන කිව්වොත් අල්ලනවද?

:       2       11

Bamunuarachchi Saturday, 19 August 2023 08:58 PM

කවිඳු මහ බැංකුවේ සල්ලි කව්ද? කවදාද හොරකම් කළේ? ඒක අලුත් නිවුස් එකක්.

:       0       0

Latha Sunday, 20 August 2023 06:26 AM

කම්බ හොරු නිදැල්ලේ... අහිංසකයෝ මාට්ටු... මරේ මරු..

:       0       0

Malika Sunday, 20 August 2023 10:03 AM

ඇයි තව මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් රොත්තකගේ මිලියන ගණන් ණය ආණ්ඩුව කපා හැරියේ ගෙවන්න ඕනේ නෑ කියලා. ඔක්කෝම කුණු බේරුවල බොක්කට වගේ දුප්පත් අපිට තමා හැම නීතියක්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site