
( රොමේෂ් මධුෂංක)
මුලතිව් ඓතිහාසික කුරුදුමලේරජමහා විහාරස්ථානයේ අද (18) පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් විහාරයේ දායකයින් සමඟ උණුසුම් තත්ත්යක් ඇතිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණ ඇත.
එය නීති විරෝධී බව පවසමින් ඒහි දායකයෝ එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක් හට ගත්හ.
අනතුරුව එම ස්ථානයට පැමිණ විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන නමුත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා නොකරන ලෙසටද මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැන වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිරුණහ.
අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්වය පාලනය කර පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර කර දීමට කටයුතු කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා කොහොමත් දෙමළ මිනිස්සු තරහ කරගන්නේ නෑ. 13 දීලා හෙට, අනිද්දා දළදා මාලිගාව ඇතුලේත් පොන්ගල් කරන්නෙ නැද්ද බලන්න...?
නායකයින්ගේ නෝන්ජල්කම නිසා වෙන දෙවල්....!
මේකත් එක් තරා විදියට ත්‍රස්තවාදී ක්‍රයාවක් තමයි. යුදමය වශයෙන් ඔවුන්ගේ ත්‍රස්තවාදය පරාජය කලාට, තවම ඒ මතවාදය තිටනවා.
මේ සේරටම මුල පිනට මතුවූ සහ රටේ පවට මතු වූ වත්මන් පාලකයා. ආපු දවසේ ඉඳන් කොටි නටන්නේ අසූචි සුවඳ දැනුණු නිල මැස්සන් වගේ...!
ඔය රනිල් හැමදාමත් කළේ අනවශ්‍ය දේවල් වලට මුලපුරලා නැති ප්‍රශ්න ඇති කරපු එක විතරයි.
මිථ්‍යා දෘෂ්ඨිකයෝ බුද්ධානු භාවයෙන් මෙබිමෙන් දුරුවේවා...! දුරුවේවා...!
මෙහිදී ගරු අධිකරණයේ ස්වාධීනත්වය හා උත්තරීතර භාවය අගයන අතර ඒක පාර්ශ්වික තීන්දු තීරණ ගැනීම ගැන අධිකරණ කොමිසම් සභාවේ විශේෂ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි.
මේවා තනිකරම පක්ෂ දේශපාලන ක්‍රීඩා, පසුගිය සතියේ අත්තිඩිය කොවිලේ වෙල් උත්සවයේ නැටුම් කණ්ඩායම්, මෝලං කණ්ඩායම් නැවතිලා හිටියේ සහ සැරසුනේ දෙහිවල සුබෝධාරාම රඡමහ විහාරයේ සිට ඒ දකුණේ සහයෝගය, මේ මෝඩ, අමන මිනිස්සු තවම දේශපාලනය ආගමත් සමග පටලෝගෙන වාසිගන්නවා... මොකද තමුන් කලදෙයක් සමාඡයට නැතිනිසා ඡන්දය සඳහා හොඳම විකල්පය ඡාති හා ආගම් වාදය... ඒකට ඔය කවුරුත් අඩුවැඩි වශයෙන් කැමැතියි. මෝඩයින් හැමදාම මොවුන් සමග...!
කුරුඳු විහාරය ගොඩනැගුවේ දෙමල්ලු ලංකාවට එන්න කලින්. ඒ බව එතැනදී ඔවුන්ට කියන්න කෙනෙක් හිටියේ නැද්ද? අපේ හාමුදුරුවනේ, ආපසු හැරෙන්න එපා. දුටුගැමුණු රජු බාගෙට වැඩ කිරීමේ ප්‍රතිඵල...