
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුද හමුදා ලාන්ස කෝප්‍රල්වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි අද (18) මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි.
මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ මාදම්පේ පනිරේන්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියයි.
පොල් සොරකමේ නිරතව සිටි ලාන්ස් කෝප්‍රල්වරයා වතු පාලනාධිකාරිය විසින් අත් අඩංගුවට ගන්නා අවස්ථවේදී සොරකම් කර රැගෙන යාමට එකතු කර තිබු පොල් ගෙඩි 182ක් සන්තකයෙ තබා ගෙන සිට ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
රත්මල්ගාර රජයෙ පොල් වතු යායෙ නිරන්තරයෙන් පොල් සොරකම් සිදුවන බවත් එම සොරුන් අත් අඩංගුවට ගැනිමට පාලනාධිකාරිය හා මුරකරුවන් විසින් නිරන්තර සෝදිසියෙන් සිටින බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පුද්ගලයින් හමුදා වලට බැදෙන්නෙම වෙනත් කුහක සහ කූට අරමුනු ඉශ්ට කරන්ට උවමනා නිසයි. ගෙඩියක් ඔබල බලනවා වගේ මිනිසුන්ගෙ දුශ්ට ගති ගුන හොයල බලන්නත් අමාරුයි. අහු උනාට පස්සෙ තමයි නියම ස්වභාවය හෙලි වෙන්නෙ. හමුදා වල කීර් ති නාමයට හානි වන ලෙස කටයුතු කල අයගෙ ප්‍රජා අයිතියත් යම් කාලෙකට අහෝසි වෙන විදියට නීතියක් ගෙන ආවොත් මෙවැනි දෙවල් සාමාන්‍ය දූරකට වලක්වා ගත හැකි බවයි මගෙ අදහස.
නිලඇඳුම පැළඳගෙනද සොරකම කරලා තියෙන්නේ? එසේ නැතිනම් මේක නිගාවක් හැටියටයි මා දකින්නේ.
ඕක මොකක්ද? මහබැංකු අධිපති, අගමැති එක්ක හවුලේ මහබැංකුව හොරාකාපු රටනේ මේක...