( රොමේෂ් මධුෂංඛ)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇතතේ ඉරට්ටපෙරිය කුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ  58 හැවිරිදි ව්‍යාපාරික රංජිත් නැමති අය බවට පොලීසිය පැවසීය.

ව්‍යාපාරිකයා ඉරට්ටපෙරියකුලම් සිට වව්නියාව දෙසට යතුරුපැදියක ගමන් කරමින් සිටියදී ඒ දෙස සිටම ධාවනය වූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ව්‍යාපාරිකයා ගමන්ගත් යතුරුපැදියද යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.