
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිලිඳිය බිහිකළ බව කියන කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.
එසේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.
මහියංගනය මූලික රෝහලේවාට්ටුවක අධික රුධිරය වහනය වෙමින් සිටි කාන්තාවක් ගැන ඇති වූ සැකයක් මත කරන ලද පරීක්ෂණ වල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන්ඇය මෙම බිලිඳිය බිහිකර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලීසිය කියයි.
දරුවා බිහි කිරීමෙන් පසුරෝහල පිටුපසට ගෙන ගෙනැවිත් තැබූ බව සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇතැයි කියති.
රෝහල පිටුපස දමා තිබියදී සොයාගත් දින තුනක් වයසැති බිලිඳිය එම රෝහලේ විශේෂිත ළමාප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යාළුවෙක් දරුවෙක් හදා ගන්න හොයනවා මේ දරුවාව එයාට දෙන්න පුළුවන්ද?