
(අංජුල මහික වීරරත්න)
ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන පහක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකාව සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට අදාලව සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසීය.
මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියා කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න ඉස්සෙල්ලා විදේශ සංචාරයකයෙකුට යන්න පුළුවන් පරිදි වැසිකිලි ටික වත් හරියට ඉදිකරන්න
රටේ ප්‍රධාන ගුවන්තොටුපල තියෙන අවට පිහිටා ඇති අවරියවත්ත බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කිරීමට මෙතෙක් කිසිවෙකුගේ අවදානය යොමු වී නැත්තේ මන්ද?
සංචාරකයන් ලක්ෂ පහක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි! ලක්ෂය සහ මිලියනයේ වෙනස හිත ගන්න බැරි EDITING!
මාතෘකාව සහ අන්තර්ගත වෙනස, මිලියන 5ක් හෝ ලක්ෂ 5ක්.
කවුද බන් මේවා ලියන්නේ? මිලියන 5ක් කියන්නේ ලක්ශ පනහක්. ලක්ශ පහක් කියන්නෙ මිලියන බාගයයි.
අතවශ්‍ය ඖෂධ නැහැ තියෙන එවාත් තත්වයෙන් බාලයි, ආහා ද්‍රව්‍ය ගිනි ගණන් රට තුල කිසිම ආරක්‍ෂාවක් නැහැ මිනිමැරුම් මංකොල්ලකෑම් ඝාතන වැනි අපරාධ බහුලයි එහෙව් රටකට එන්න තරම් ඔලුව හොද නැති එවුන් ඉන්නවා නම් ලංකාවට එයි.
ගුවන්තොටුපළ ඉතාම අකාර්යක්ෂම විදිහට වැඩ කරන්නේ. සේවකයින් එහෙට මෙහෙට යනවා. මිනිසුන්ට ගරු කරන්නේ නෑ. පිළිවෙලක් නෑ. පළමුව එතැන හදාගත යුතුයි...
මේවා නිකන් කතා විතරයි. මේ ඇමැතිගේ සොනික් කතාව මතකයිනේ... කොහොමද පාර්ලිමේන්තුවේ දාපු සද්දේ? දැන් කොහොමද ඔය රනිල්ගේ හුරතල්, බලු කුක්කා වගේ ඉන්නේ...? මොවුන්ගේ අනිත් වැඩත් ඔහොම තමයි. දැක්මක් නෑ. නිකන් කයිවාරු විතරයි ...
පොදු ප්‍රවාහන සේවයක් නැති මම දැකපු ලෝකයේ එකම ගුවන් තොටුපළ කටුනායක, සේවකයෝ ඉබාගාතේ ඇවිදිනවා.. මිනිස්සු පැයගණන් පෝලිම් වල දුක් විඳිනවා. මේක හරක් මඩුවක් වගේ කියන්නේ ඇමැතිනේ... ඉස්සරවෙලා මේවා හදාගෙන ඉන්න.