
( සිතුම් චතුරංග)
කිලිනොච්චිය , පරන්තන් හි නිවසක ළිඳක් පිරිසිදු කිරීමේදී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (20) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පසුගිය 18 වැනිදා ළිඳ සුද්ධ පවිත්‍ර කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති අතර නිවැසියන් ඒ පිළිබඳ කිසිවෙකුට දැණුම්දී නොමැති අතර යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පොලිසිය හා එක්ව සිදුකළ පරීක්ෂාවකදී පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
ටි.56 ගිනි අවි සඳහා යොදාගන්නා පතරොම් විශාල ප්‍රමාණයක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ පහක් , විද්‍යුත් ඩෙටනේටර් , ටි 56 ගිනි අවියේ මැගසීන් එකොලහක්, පතරොම් බහලුම් කිහිපයක් සහ පරිඝනක හාඩ් ඩිස්ක් , පරිඝනක කොටස් ඇතුළු විදුලි උපකරණ කොටස් කිහිපයක් හමුව ඇති බව පොලිසිය පැවසීය.
යුද සමයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය හා පරිඝණක කොටස් මෙලෙස හමුව ඇති බවත් ඒවා දැඩිලෙස දිරාපත්ව තිබෙන බවත් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ නිවසේ හිමිකරු ආරක්ෂක අංශවෙත දැණුම්දීම සඳහා ප්‍රමාදවූ හේතුව කුමක්ද කියා විමර්ශන සිදුකරන බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම්, අනිවාර්යයෙන්ම ඡන්දයක් ළඟයි. රනිල් රාජපක්ෂලාගේ ඊළඟ නාටකය...