(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාල වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති හිතුමතේ වැඩ කරනවා. අරහෙ යනවා මෙහෙ යනවා. ඔහු විසින්, රටේ ප්‍රශන වලට විසඳුම් කෙසේ වෙතත් ප්‍රශ්න නිවැරදිව හඳුනාගෙන තිබෙනවාද යන්න බලා ගැනීමට ක්‍රමයක් නැතිද?
රජයේ වියදම් අඩුකරගෙන ජනතාවට හොඳ සේවයක් සපයන්න රාජ්‍ය සේවකයෝ ප්‍රතිව්‍යුහ ගත කළාද? පාඩුලබන ශ්‍රී ලන්කන් වැනි රජයේ ආයතන ගැන ක්‍රියාමාර්ගයක් අරගත්තද? මුකුත්ම නැහැ... නිකන් බොරුවට අපේ මුදල් නාස්ති කරමින් ලෝකෙවටේ ඇවිදිනවා. මෙහෙම ගියොත් තව වසර දෙකක් තුළ අර්බුදය නැවත එනවා. විශාල ජීවිත හා දේපළ විනාශයක් වෙනවා...
ලංකාවට ගෙනැත් ආයෙත් සේවයේ පිහිටුවන්න...
නිල ගමන් වුනත් මේවාට ගිය වියදම ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් නොකරන්නේ ඇයි...?