(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යයි.
ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං (Lee Hsien Loong) සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් (Ng Eng Hen), තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මචං, මම තාම වෙඩින් එකේ. ඇවිල්ල ඩ්‍රින්ක් එකක් දාල යන්න එන්න!
යාලුවෝ හම්බෙන්න යනවා, මහ බංකුව භාරගන්නට කියන්න. ආර්ථිකය ගොඩ ගන්න,,
අර්ජුන් මහේන්ද්‍රන්ව කුදලා ගෙන එන්නද නැත්නම් මිනිහා එක්ක සොමියක් දාන්නද
කොහේ ගියත් ආර්යාව එක්ක තමයි නේද යන්නේ?
රටේ අහිංසක මිනිස්සු බඩට නොකා බදු ගෙවන සල්ලි... මෙයා ජන්දෙන් පැරදිච්චි කොල්ලෝ ටිකත් එක්ක රෝන්දේ යනවා.
එයාලා මහජන සල්ලිවලින් රට සවාරි.. මෙහෙ රටේ ජනතාව හාමතේ නොමැරි.. මැරි මැරී ජීවත් වෙනවා. ඔය ගිවිසුමෙන් ඇතිවෙන කිසිම සෙතක් නැහැ. දුප්පතාගේ දුක වේදනාව ගැන කිසිම හැඟීමක් නැති මොවුන්ගෙන් ඇති ඵලය කුමක්ද?
අර්ජුන් මහේන්ද්‍රනුත් හම්බවෙලාම එන්න හොඳේ...