(අංජුල මහික වීරරත්න)

වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික  නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

 තවත් නිවාස 8145 ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇති බවද එම අධිකාරිය කියයි. මෙම නිවාස ව්‍යාපෘති පසුගිය 2020 වසරේ සිට 2023 දක්වා වසර තුනක දී ඇරැඹූ  ඒවාය.

ඔබට ගෙයක් - රටට හෙටක්, මිහිඳු නිවහන, විරු සුමිතුරු, සෙවණ,සේවාභිමානී ඇතුළු නිවාස ආධාර ව්‍යාපෘති 15ක් යටතේ මෙම නිවාස ඉදිකරනු ලැබ ඇත.

මෙම නිවාස ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් රුපියල් මිලියන 18717.771 කි. ජාතික නිවාස අධිකාරිය සඳහන් කරන්නේ එම මුදලින් මේ වනවිට රුපියල් මිලියන 16409.667ක මුදලක් වැයකර ඇති බවයි.

නිවාස ව්‍යාපෘතිය සඳහා මුදල් සපයාගෙන ඇත්තේ මහා භාණ්ඩාගාර අරමුදල්, සෙවණ අරමුදල්, අභ්‍යන්තර උත්පාදන හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතිවලට අදාළ ලංභාංශ වශයෙන් ලද මුදල් මගිනි.