
(නිමල් ජයරත්න)
බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ එලගවයන් අට දෙනකු ප්‍රවාහන කළ පුද්ගලයකු හරක් හත් දෙනකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගෙන නඩු පැවැරිමට සූදනම් කරද්දී උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ නියෝගයෙන් හරක් සහ සැකකරු මුදා හැර ඇත.
වැලිකන්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු, හා පොලිස් සැරයන්වරයකු මෙම වැටලීම කර ඇති අතර නඩු පැවරීමට පොලිස් පොතේ සටහන් කර තිබියදී අත්අඩංගුවට ගත් සියල්ල මෙසේ මුදා හැර ඇත.
ප්‍රවාහන බලපත් නොමැතිව, සත්ව හිංසාව ඇතිවන පරිදි කුඩා ලොරියකින් එළගව පැටවකු ඇතුළු එලගවයන් හත්දෙනකු වැලිකන්ද වඩමුනේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී වඩමුනේ පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.,
අප මෙම චෝදනාව පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථාන් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ජේ,එච්,එම්,ඩබ්ලිව්.ඩී. හේරත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, එම සැකකරුට වඩමුනේ හා වාලච්චේන ගවගාල් දෙකක් තිබෙන බවත්, වඩමුනෙ ගවගාලේ ගවයින්ට තණකොළ සහ ජලහිඟය නිසා ලෙඩ වු ගවයින් හයදෙනකු ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය නොදෙන අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසීය.
අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, එය ඩී.අයි.ජී. මහතාගේ උපදෙස් අනුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි, ඒ අනුව එම ලොරිය,ගවයින් හා රියදුරු, නිදහස් කිරීමට කටයුතු කළ බවද හේරත් මහතා කීය,
මෙම සිද්ධිය පිළිබඳව අප වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෙඩ ගවයින් හත්දෙනකු බවත්, එය ජාවාරමකට රැගෙන ගිය එකක් නොවේ, අදාල ගවගාලේ ගවයින් දාහකට වැඩි ප්‍රමාණයක් සිටින බවත් පවතින ආහාර සහ අර්බුදය නිසා රෝගී ගවයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන අතරේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති නිසා මෙය සද්භාවයෙන්ම ගත් තීරණයක් බව පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද උදාහරනයක් මිටපසු අල්ලන සියලු ගවයන් අසනීප අය වෙන්නපුලුවන්
තම වර්ගයාට ආදරය කරන පොලිස් ගවයෙක්.
පොලිසියේ ලොක්කාගේ ගෙදරටම මෂ් කිලෝ 2ක් හැමදාම දෙන පොරොන්දුව පිට මේ අහිංසක ගවයින් සහ " නොමිනිසුන් " නිදහස් කරන ලදී. හැබැයි මේ මොහොත වෙනකොට ගවයින්ව මරලා මෂ් කරලා , විකුනලා අවසන්.පොලිසියේ රාලහාමිලයි සාජන් මහත්තයයි කියන්නේ..".. මිට පස්සේ හොර හරක් නොවෙයි මිනියක් මරලා අරගෙන ගියත් වාහන පරික්ෂා කරන්නේ නැහැ...අපේ මොකෝ ? හැබැයි දවසක ඔය කන ජරාව වමාරන්න වුනාම පොලිෂ් ලොක්කාට බොහොම අමාරුවෙයි." කියලයි.
ලොක්කට නොමිලේ මස් ලැබෙනවා ඇති. ලොක්කා මුස්ලිම් කාරයෙක්ද?
බලපත්‍රයක් ලබාගෙන ලෙඩ ගවයින් වුණත් ප්‍රවාහනය කරන්න නිසි ක්‍රමවේදයක් තිබෙනවා. මේක නීතිවිරෝධීද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ගරු අධිකරණය... පොලිසිය කොහොමද තීරණය කරන්නේ..?
බයික් එකක් අල්ලලා, ලිව්වාම පොතේ ලිව්වා නම් ලිව්වාම තමයි.. එව්ව ආපහු හරවන්ඩ සක්කරයගෙ පුතා ආවත් බෑ ආයුබෝවන්.. ලෙඩ හරක් ගැන ලෙබ්බෙගෙ මන්නෙත් කරුණාවේ මහිමෙ තමයි මේ.. උඩ එක්කනාගේ කොටසත් පහුවෙලා ගාණට මිම්මට ලැබෙයි.. අපි නොදන්න ලංකාවනේ මෙයාලා...
අත් අඩංගුවට ගත් අවස්ථාවේදී එම නිලධාරීන්ට සතුන්ව වෙනත් ගවගාලකට ගෙනියනවයි කියන්න තිබුණනේ. මොනවා වුණත් කුඩා ලොරියක පමණට වඩා වැඩි සංඛ්‍යාවක් සතුන්ට හිංසාවන පරිදි ප්‍රවාහනය කිරීම වරදක්. පොලිසියේ ලොකු ලොක්කන්ව මෙවැනි දේවල්වලට අනුබල දෙනවා නම් සිදුවන සහ සිදුකරන වැරැදි වළක්වන්නේ කොහොමද?
දේශපාලන ගවයින්ට නොදෙවෙනි පොලිස් ගවයෝත් ඉන්නවානේ...
අපේ ඉන්න ලොක්කෝ තමයි මේ රට කෑවේ. හැම තැනම මොනවා හරි කළොත් අනාගන්නවා. හරි අධ්‍යාපන දැනීමක් නැති ප්‍රශ්න. ඔල මොට්ටල වැඩ නිසා අහිංසක, සත්තු ගොදුරු වෙනවා... ඒ වගේම අහිංසක මනුස්සයෝත්...