
(ෂේන් සෙනෙවිරත්න)
චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අලදෙනිය පොලිස් නිලධාරීන්ට පහරදී පැනයාමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර සිටි
මත්කුඩු භාවිතයට තදබල ලෙස ඇබ්බැහි වී සිටින සැකකරු ඒ සඳහා මුදල් සොයා ගැනීම සඳහා විවිධ කොල්ලකෑම් සිදුකරමින් පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් මහ මග යන රථ වාහන නවත්වා ඒවායේ ගමන් කරන පුද්ගලයන්ගේ බඩු බාහිරාදිය පැහැරගැනීම ආදී චෝදනා සැකකරුට එරෙහිව ඇති බව පොලිසිය කියයි .
සැකකරුගේ දකුණු ඉල ප්‍රදේශයට වෙඩි උණ්ඩය වැදී ඇති බවත් සැකකරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවරම කරලා දැම්මා නම් හරිනේ. මේ කාලකන්නියාට දැන් බෙහෙත් කරන්නත් වියදම් යනවනේ. මොකද ඕකා සනීපවෙලා නිදහස් වුණාම සිල් සමාදන් වෙලා ඉන්නේ නෑනේ. ආයේ කරන්නෙත් පරණ වැඩම තමා...
පතුරොමටත් අපේ සල්ලි. ඉස්පිරිතාලේ බෙහෙත් හේත් වලටත් අපේ සල්ලි...
මෙයාව මැරුවා කියලා මේ ප්රශ්නය ඉවර වෙන්නේ නැහැ.. මිනිස්සු මේ තත්වයට පත්වෙන්න හේතුවෙලා තියෙන මේ පාලන ක්රමයයි වෙනස් කරන්න ඕනෑ...