
(පුෂ්පකුමාර ජයරත්න)
පෙම් පලහිලව්වකට ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළ හෙට දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා නියම කළේය.
මහව නාගොල්ලාගම පදිංචි යුද හමුදා සෙබළකු (28) සමඟ ඔහුගේ පෙම්වතිය බව කියන මහනුවර වත්තේගම ප්‍රදේශයේ තරුණියක (20) එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
මෙම යුවළ විසින් කරන ලද ගිනි තැබීම කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සාමාජිකයන් සහ කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන නිවා දැමීම හේතුවෙන් ඇති වීමට ගිය මහා විනාශයක් වළකාගත හැකිවී තිබේ. වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගල මුදුනට පිවිසීමට තනා ඇති ඉපැරැණි ගල් පඩි පිවිසුමේ මැද කොටසේ මෙම ගින්න හටගෙන තිබුණි.
සැකකාර යුවළගේ නොසැලකිලිමත්කම නිසා මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සහ සුළඟ හේතුවෙන් එම ගින්න වළක්වා ගත නොහැකිව පැතිර ගියානම් ඇතුගල ප්‍රදේශය සහ කුරුණෑගල නගරාසන්නයේ ප්‍රදේශ ගණනාවක්ම ගින්නට හසුව බරපතළ විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය සඳහන් කළේය.
එසේම ඇතුගල මුදුනේ ඉදිකර තිබෙන බුද්ධ ප්‍රථිමාවට සහ දුරකථන සබඳතා මධ්‍යස්ථානයටද හානියක් වීමට ඉඩ තිබූ බවද පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නා හොඳයි කරත්තේ බඳින්න...