(යොහාන් භාසුර)
ඉන්දීය රජය ලූණු මත සියයට 40 ක අපනයන බද්දක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ලූණු මිල ඉහළ ගොස් ඇති බව මෙරට ආනයනකරුවෝ පවසති.
මෙම බද්ධ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලුණු කිලෝවක මිල රුපියල් 50 ත් 70 ත් අතර මුදලකින් ඉහළ ගොස් ඇති බවත් ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ත් 220 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කරති.
ඉන්දීය රජය මෙම බද්ද ලබන දෙසැම්බර් 31 දක්වා පැනවීමට මේ වන විට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනව නේද. එහේ වැඩි කරන්න තීරණය කලා විතරයි. මේක තමා වෙළඳ මාෆියාව. මේ විදියට පසුගිය සතිය තුළ ගෙන්වපු ලූණු වලලින් 200% ක ලාබයක් ගන්නව. මේ බද්ද ඉවත් කලොත් කියන්නෙ ඒ අඩු කල මිලට තවම ගෙන්වල නැහැ කියල. අඩු කරන්න මාසයක්වත් යයි කියයි. සියල් අතහැරල බිස්නස් කරන්න පටන් ගත්ත නම් ගොඩ.