(අමදෝරු අමරජිව )
මොරවැව ගුවන් හමුදා කදවුරේ මුලික පුහුණුව හදාරමින් සිටි ගුවන් භටයෙකු කන්තලේ රක්ෂිතයේ යුද අභ්‍යාසයක නිරතව සිටියදි ටී 56 ගිණි අවිය සමග අතුරුදහන් වි ඇති මොරවැව පොලිසිය කියයි.
මෙලෙස අතරුදහන් වි ඇත්තේ ගාල්ල වක්වැල්ල පාරේ පදිංචි ගුවන් භට (51415) එම්.ඩි.කවීෂ (22) නැමැති අයෙකි.
අතුරුදහන් ගුවන් භටයා සතුව ගිණි අවියට සවි කළ පතුරම් රහිත මැගසිනයක්ද තිබිනැයි පොලිසිය කියයි.
ගුවන් භටයන් යොදවා රක්ෂිතයේ විශාල මෙහෙයුමක් දියත් කලද අතුරුදහන් ගුවන් භටයා හමුවි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය හා ගුවන් හමුදාව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd