(සුමිත් පොතුපිටිය)

යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය.

කළුතර මැතිවරණ කොට්ඨාසයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය  කළුතර දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආසන හමුවේදී මෙසේ වේදිකාවට එක්විය.

එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.

අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට. ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිවරයකු මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මට රට ගැන ඇත්තේ  කණගාටුවක්, මොකද දැන්  අනාගතයක් නැති රටක් වෙලා.

ඒක දැක්කම මට තියෙන්නේ එකම කණගාටුවක්. අපි එදා යුද්ධය තිබ්බත් මරණය දැක දැක යුද්ධය කළත් සතුටින් ඒක කළා. ඒක අපි ජීවිත පරිත්‍යාගයෙන් කළා. ඒත් යුද්ධයෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණේ මේ වගේ රටක් නොවෙයි.

අපි බලාපොරොත්තු වුණේ සාධාරණ සමාජයක්, උසස් ආර්ථික තත්ත්වයක්, යහපත් විශ්‍රාමික ජීවිතයක්. අද ඒක උදා වෙල නෑ යනුවෙන් පැවසීය .