
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් ගිනි තැබිමේන් උරගයින් වර්ග රැසක් පිලිස්සි මිය ගොස් , ඒ සමගම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ගෙන විනාශ වී වෘක්ෂයන්ද මැරි යාමේ අවදානමක් මතුව තිබේ.
ආණමඩුව නවගත්තේගම මාර්ගයෙ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන මෙම තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට ආණමඩුව හරහා ගමන් කරනු ලබන සංචාරකයින්ගේ සිත් ඇදගත් ස්ථානයකි.
නියගය හේතුවෙන් සිදි ගොස් තිබු තල්ගස්වැව තුළ ස්ථාන කිපයක කුඩා දිය කඩිති කිපයක් ඉතිරිව තිබු බවත් ඒම ස්ථාන වලින් උරගයින් හා අනිකුත් වන සතුන් පිපාසය නිවා ගැනිම සිදුව තිබුණි.
ගිනි තැබිම නිසා වැවේ අක්කර 20 කට ආසන්න භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇති බවත් ගිනි ගැනිම පැය හයකට ආසන්න කාලයක් පැතිරි යමින් තිබු බවද කියයි.
කෙසේ වෙතත් දඩයක්කරුවන් හා දැව ජාවාරම්කරුවන් විසින් මෙම පරිසර පද්ධතියට ගිනි තැබිමේන් පසු මැරි යන කුඹුක් ගස් රහසේ කපා ගෙන යාම සිදුවන බවත් ඒ සමගම එම වැවේ පරිසර පද්ධතිය තුළ සැරිසරන උරගයින් හා අනිකුත් වන සතුන් දඩයම් කිරීමට දඩයක්කරුවන් කටයුතු කිරීම බරපතල තත්වයක් බව පරිසර සංවිධානය චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා බලන්න ඔය කොනක පොහොට්ටුවේ දේශපාලුවෙක් ගෑවිලා ඇති...
පුත්තලම් බූරුවගේ හෙන්චයියලා වැඩක්ම තමයි.