(අංජුල මහික වීරරත්න)
ඉදිරි කාලයේ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළ නමුත් ගොවීන් අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා රජය සතුව අමතර සහල් හෝ වී තොග නැතැයි කී අමාත්‍යවරයා දැනට වී තොග පවතින්නේ පෞද්ගලික අංශයේ බව කීය.
පෞද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට අක්කර පනස් දහසක පමණ වගා හානියක් සිදුවෙතියි අනුමාන කළ හැකි බවද අස්වනු නෙලා අවසන් කළ කුඹුරු රැසකින් ඉහළ අස්වැන්නක් ද ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අධ්‍යයන මගින් සනාථ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමානවත් සහල් තොග තිබෙනවා නම් ඒවගේ මිල වැඩි වෙන්නේ කොහොමද සහල් සඳහා පාලන මිලක් දමන්න.මට පෙනෙන විදිහට ඔබ කරන්නේ ඩඩ්ලිගේ කොන්ත්‍රාත්තුවක්.මිනිස්සු බියවද්දලා සහල් මිල ඉහල දමලා ඩඩ්ලිව පොසත්තු කරන්න උදවු කරනවා
ඉතින් මිල වැඩි වුණොත් රටින් හරි ගෙන්නලා ඒක පාලනය කරන්න. නැත්නම් ඇමැති කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?
මේ මනුස්සයා ළඟ කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැහැ... ඔහේ කියවනවා.