(අමදෝරු අමරජිව)

යුද අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා අද පස්වරුවේ  අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි.

මෙම ගුවන් භටයා කන්තලේ රක්ෂිතයේ පන්කුලම වැව් ඉස්මත්තේ අතරමංව සිටියදි සිදුකළ මෙහෙයුමකදි මෙලෙස ගුවන් හමුදාව සොයාගෙන තිබේ.

අදාල මෙහෙයුම සදහා යුද හමුදා විශේෂ බලකායද එක්ව තිබුණි. මෙලෙස අතුරුදහන්ව දිනකට පසු සොයාගනු ලැබුයේ ගාල්ල, වක්වැල්ල පදිංචි ගුවන් භට (51415) එම්.ඩී.කවිෂ (22) නැමැති අයෙකි.

ගුවන් භටයා සතුව ටි 56 ගිණි අවිය සමග පතුරම් රහිත මැගසීනය සුරක්ෂීතව තිබිනැයි ගුවන් හමුදාව කියයි.

මොරවැව ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව හදාරමින් සිටියදි මෙම පුහුණුවට ගොස් ඇත.