(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර කෑ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලගල යකහලුව පදිංචි වියන්වත්තගේ රංජිත් සේනාරත්න (58) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
මිය ගිය පුද්ගලයාගේ බිරිද පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම නාවින්න සමගි මාවතේ පදිංචි කාන්තාවකට රන් භාණ්ඩ තොගයක් දී ඇති අතර එම රන් භාණ්ඩ මාස ගණනාවක් තිස්සේ යළි ලබා නොදීම සම්බන්ධයෙන් විමසීම සඳහා ත්‍රිරෝද රථයකින් තවත් පුද්ගලයෙකු සමග පැමිණ ඒ පිළිබඳව විමසා තිබේ.
එම අවස්ථාවේදී නිවෙස් හිමියාට පරුෂ වචනයෙන් බැන වදිමින් රන් භාණ්ඩ ඉල්ලා සිටියදී දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීම සිදුව පසුව එය දුරදිග යාමත් සමග නිවෙස් හිමි පුද්ගලයාට පහර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාසය පලුදුවීමේ විපාකය...!