(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී දැනුම් දෙනු ලැබ ඇත.
එම අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ලවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන්
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය. ගෘහ පාලන අංශ ප්‍රධානීන් එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත් සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කෙසේ නමුත් විවිධ අනුග්‍රහ ලබන සමහර සේවිකාවන් පමණක් සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයා වැඩ තහනම් කරනු ලැබ සිටී. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින හෙයින් ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු මෙයට පෙර ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුම සහ ගැලපෙන්නේත් සාරිය..
සාරියද දැන් ප්‍රශ්නය වෙලා තිබිලා තියෙන්නේ?
සාරිය ඇන්දම ඔය ප්‍රශ්නෙ විසඳෙනවා නම් ඊටත් වැඩිය බුර්කාව ඇන්දවීම වඩාත් ගැලපෙයි. මේ වගේ ඔලමොට්ටල තීරණ ගන්න අය එක්ක කොහොමද රටක් හදන්නේ...?
පොලිස් දෙපාර්තුමේන්තුව, ක්‍රිකට් බෝඩ් එක විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවත් නොසන්ඩාලයන්ගේ බඩු පොට් එකක් වුනා එහෙනම්
රාජ්‍ය සේවය සහ රාජ්‍ය බැංකුවල අය සාරිය ඇදීම අනිවාර්යයෙන්ම කල යුතුය කියල නියෝගයක් තියනව නේද?
විකෘති මානසිකත්වයක් ඇති මිනිස්සුන්ට සාරියක් නෙවේ බුර්කාවක් ඇඳගෙන හිටියත් ඇති. ප්‍රශ්ණය තියෙන්නේ ඇඳුමේ නෙවේ, හිතේ!!!
බූර්කාව අන්දන්න.... එතකොට ඔය ප්‍රශ්නේ නිට්ටාවටම විසඳෙනවා. අනේ මෙහෙමත් ඔලමොට්ටල අංශ ප්‍රධානීන්! ඔය තනතුර දීපන් ළමයෙකුට, ඒකා ඔයිට හොඳින් කරයි රාජකාරිය
සාරි ඇඳගෙන කොහොමද අතපය දිගඇරලා වැඩකරන්නේ? ප්‍රශ්නය සාරියෙන් වහන්නද හදන්නේ? චූදිතයාට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මොකද? ඔය කියන ලිංගික අතවර සාමාන්‍ය සමාජයේ ඇතිවුණා නම් ඔහුව මෙලහකටත් රිමාන්ඩ් කරලා. දැන් තිබෙන තත්වය අනුව ඔහුට කිසිම කරදරයක් නොමැතිව රටින් පිටවෙලා යන්න පුළුවන්.
විවිධ අනුග්‍රහ ලබන සාරි අඳින නියෝගය කඩකළ සේවිකාවන්ට සමහර විට මෙම අසික්කිත ක්‍රියාවන්ට සහයෝගය සහ අනුබලය දෙනවා ඇති...