ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ රික්ටර් මාපකයේ 5.1 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබේ.කැලිෆෝනියාවේ ඔජායි නගරය ආසන්නයේ අද (21) එරට වේලාවෙන් දහවල් 2.41 කට පමණ මෙම භූමිකම්පාව හටගෙන ඇත.

දකුණු කැලිෆෝනියාවේ විශාල පෙදෙසකට මෙම භූමි කම්පාවේ බලපෑම දැනී තිබේ.හිලරි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අධික වර්ෂාපතනයක් පතිත වෙමින් තිබියදී මෙම භූමි කම්පාව හටගෙන ඇත.

එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී වෙන්චුරා හි ගිනි නිවන හමුදාව භූමිකම්පා අවස්ථාකදී ක්‍රියාත්මක කරන සැලසුම ක්‍රියාවට නංවා තිබේ.භූමි කම්පාව හේතුවෙන් සුළු දේපළ හානි සිදුව ඇති නමුත් ජීවිත හානි වූ හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳ කිසිඳු වාර්තාවක් නොලැබුණු බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

034