(විමුක්ති එස් රුද්‍රිගු)

මීට වසර 63 කට පෙර පැවති මෝටර් රථ තරඟයකදී ගිනිගෙන දැඩි ලෙස හානියට පත් වූ ෆෙරාරි වර්ගයට අයත් මෝටර් රථයක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 60 ක පමණ)මුදලකට අලෙවි වී ඇත.

ෆෙරාරි 500 මොන්ඩියල් ස්පයිඩර් මාදිලියට අයත් මෙම මෝටර් රථය ඇමෙරිකානු ඩොලර් 1,875,000 ක මුදලකට වෙන්දේසියේදී අලෙවි වී තිබේ.මෙම මාදිලිය ඉතාලි මෝටර් රථ ධාවන ශූර ඇල්බර්ටෝ ඇස්කාරි 1952 සහ 53 වසර වල ෆෝර්මියුලා තරඟය පිට පිට ජයග්‍රහණය කිරීම සැමරීම සඳහා නිෂ්පාදනය කර ඇත.

රෝද පවා නොමැති මෙම වාහන සැකිල්ල මිලදී ගත් අයිතිකරු පවසා ඇත්තේ 1960 දශකයේ තිබූ තත්ත්වයට නැවතත් පත් කිරීමට අදහස් කරන බවයි.